Tuesday, August 23, 2011

ආහාර විජලනය පිලිබඳ දිවිනැඟුම ප්‍රතිලාභීන් සහ පහසුකාරක නිලධාරීන් දැනුවත් කිරීම

සමෘද්ධි අංශයේ ආරාධනය පරිදි ප්‍රතිලාභීන් 80 දෙනෙක් වෙනුවෙන් මෙම දැනුවත් කිරීම සිදුකරන ලදි.


ජුජුප්ස්, මාශ්මෙලෝ සහ පුහුල් දෝසි නිෂ්පාදන වැඩසටහන

රස කැවිලි නිෂ්පාදනයේ යෙදී සිටින සහ ඉදිරියෙදි යෙදීමට බලාපොරොත්තුවන අය වෙනුවෙන් සන්විධානය විය. මෙම නිෂ්පාදන පිළිබඳ ප්‍රායෝගික දැනුවත් කිරීමක් ඒදඬුවාව ගොවිජන සේවා මධයස්ථානයේ විෂයානුබද්ධ නිලධාරි එස්. අයි. වී බැද්දේ මිය ගේ සම්පත් දායකත්වයෙන් අප මධ‍යස්තානයේ පවත්වන ලදි.

Tuesday, August 2, 2011

ගෘහස්ථ බලශක්ති සංරක්ෂණය පිළිබඳ රාජ්‍ය නිලධාරීන් සහ ගම් වැසියන් දැනුවත් කිරීම

මෙම වැඩසටහන දොලුව පුස්ථකාල ශාලාවේදී ප්ර්‍ඇක්ටිකල් ඇක්ෂන් ආයතනයේ සම්පත්දායකත්වයෙන් පැවැත්වූ අතර ඒ සඳහා ප්ර්‍අදේශීය ලේකම් කාර්යාලීය නිලධාරීන්, ග්‍රම නිලධාරීන, සමෘද්ධි බැංකු කළමණකරුවන් සහ සංවර්ධන නිලධාරීන්, ගොවිජන සේවා මධ‍යස්ථානයේ නිලධාරීන්, තැපැල් කාර්යාල්යේ නිලධාරින්, ආයුර්වේද රෝහල් කාර්යමණ්ඩලය,ගම් වැසියන් ඇතුළු 95 දෙනෙකු සහභාගීවිය.

සුනිත්‍ය බලශක්ති ප්‍රභව සහ බලශක්ති සංර්ක්ෂණය පිළිබඳ පාසල් ළමුන් දැනුවත් කිරීම

කොට්ඨාශයෙන් පිටත පාසල් ළමුන් 215ක් සහභාගී වූ අතර දොලුව ප්‍රදර්ශක ජල විදුලි බලාගාරය ආශ්‍රිතව ප්‍රාධර්ශනයක්ද මේ සඳහා සම්පත් දායකත්වය ලබා දුන් ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනය සන්විදානය කරන ලදි.