Thursday, December 8, 2011

යෝගට්, කිරි ටොෆී සහ මුරුක්කු නිෂ්පාදනය

ප්‍රදේශයේ පහසුවෙන් සොයා ගත හැකි සම්පතක් වන එළකිරි භාවිතා කර මෙම නිෂ්පාදන සිදුකරන්නේ කෙසේද යන්න ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට භාජනය විය.
තවද නර්ඩ් ආයතනයෙන් ලබා දී ඇති යෝගට් ඉන්කියුබේටරයේ භාවිතයද පෙන්වා දෙන ලදි.


Tuesday, November 15, 2011

විසිතුරු සුභ පැතුම් පත් නිර්මාණය

අත්කම් නිර්මාණයට දක්ෂතා ඇති පිරිසක් මේ සඳහා ඉදිරිපත්විය.
ප්‍රදේශයේ ව්‍යවසායිකාවක් සම්පත්දායකත්වය සපයා දෙන ලදි.
අවශ්‍ය ඇණවුම් සඳහා මේ අංකය අමතන්න - 0812415008


Wednesday, November 9, 2011

පරිගණක දෘඩංග පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන


මේ සම්බන්ධයෙන් උනන්දුවක් ඇති පරිගණක සිසුන් 32ක් සහභාගී විය.

Wednesday, November 2, 2011

අන්තර්ජාලය සහ ඊ-මේල් භාවිතය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන

විශේෂයෙන් පරිගණක සිසුන් ඉලක්ක කර පැවැත්වූ මෙම වැඩසටහන සඳහා ඒ කෙරෙහි උනන්දුව දක්වන ව‍යවසායකයන් කිහිපදෙනෙක්ද සහභාගී විය.

Thursday, September 8, 2011

දීසි සේදුම් කාරක කැට සහ කුඩු නිෂ්පාදනය

සබන් නිෂ්පාදනයේ දැනට යෙදී සිටින ව්‍යවසායකයින් ඉලක්ක කර සිදුකල මෙම වැඩසටහන සඳහා පුද්ගලයින් 30ක් සහභාගි විය.

Tuesday, August 23, 2011

ආහාර විජලනය පිලිබඳ දිවිනැඟුම ප්‍රතිලාභීන් සහ පහසුකාරක නිලධාරීන් දැනුවත් කිරීම

සමෘද්ධි අංශයේ ආරාධනය පරිදි ප්‍රතිලාභීන් 80 දෙනෙක් වෙනුවෙන් මෙම දැනුවත් කිරීම සිදුකරන ලදි.


ජුජුප්ස්, මාශ්මෙලෝ සහ පුහුල් දෝසි නිෂ්පාදන වැඩසටහන

රස කැවිලි නිෂ්පාදනයේ යෙදී සිටින සහ ඉදිරියෙදි යෙදීමට බලාපොරොත්තුවන අය වෙනුවෙන් සන්විධානය විය. මෙම නිෂ්පාදන පිළිබඳ ප්‍රායෝගික දැනුවත් කිරීමක් ඒදඬුවාව ගොවිජන සේවා මධයස්ථානයේ විෂයානුබද්ධ නිලධාරි එස්. අයි. වී බැද්දේ මිය ගේ සම්පත් දායකත්වයෙන් අප මධ‍යස්තානයේ පවත්වන ලදි.

Tuesday, August 2, 2011

ගෘහස්ථ බලශක්ති සංරක්ෂණය පිළිබඳ රාජ්‍ය නිලධාරීන් සහ ගම් වැසියන් දැනුවත් කිරීම

මෙම වැඩසටහන දොලුව පුස්ථකාල ශාලාවේදී ප්ර්‍ඇක්ටිකල් ඇක්ෂන් ආයතනයේ සම්පත්දායකත්වයෙන් පැවැත්වූ අතර ඒ සඳහා ප්ර්‍අදේශීය ලේකම් කාර්යාලීය නිලධාරීන්, ග්‍රම නිලධාරීන, සමෘද්ධි බැංකු කළමණකරුවන් සහ සංවර්ධන නිලධාරීන්, ගොවිජන සේවා මධ‍යස්ථානයේ නිලධාරීන්, තැපැල් කාර්යාල්යේ නිලධාරින්, ආයුර්වේද රෝහල් කාර්යමණ්ඩලය,ගම් වැසියන් ඇතුළු 95 දෙනෙකු සහභාගීවිය.

සුනිත්‍ය බලශක්ති ප්‍රභව සහ බලශක්ති සංර්ක්ෂණය පිළිබඳ පාසල් ළමුන් දැනුවත් කිරීම

කොට්ඨාශයෙන් පිටත පාසල් ළමුන් 215ක් සහභාගී වූ අතර දොලුව ප්‍රදර්ශක ජල විදුලි බලාගාරය ආශ්‍රිතව ප්‍රාධර්ශනයක්ද මේ සඳහා සම්පත් දායකත්වය ලබා දුන් ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනය සන්විදානය කරන ලදි.

Tuesday, July 19, 2011

පරිගණක සහතික ලබා දීමෙ උත්සවය




දොලුව ප්‍රාදේශීය ලේකම් තිස්ස කරුණාරත්න මහතාගේ ප්‍රදනත්වයෙන් මෙම උත්සවය පවත්වු අතර සහභාගී වූ සිසුන් වෙනුවෙන් වෘත්තීය අභියොගතා ජය ගන්නේ කෙසේද යන්න පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මානව සම්පත් සංවර්ධන අංශය මඟින් සිදුකරන ලදි.

Thursday, June 9, 2011

රෙදි බෝනික්කන් නිෂ්පාදන වැඩසටහන

දැනට රෙදි කර්මාන්තයේ යෙදෙන අයට තම ඉවත දමන රෙදි කැබලි භාවිතයෙන් සාදාගත හැකි නිර්මාණයකි.


Thursday, May 12, 2011

රෙදි සෝදන කුඩු නිෂ්පාදනය

ගෘහස්තව ආරම්භ කල හැකි නව කර්මාන්ත ජනතාව හට හදුන්වාදීමේ අර්මුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි.

Tuesday, May 3, 2011

බිම්මල් නිෂ්පාදන වැඩසටහන

විශාල ඉල්ලුමක් ඇති මෙම වැඩසටහන පුද්ගලයින් 40 දෙනෙකුගේ සහාභාගිත්වයෙන් පවත්වන ලදි.

Saturday, March 26, 2011

දොළුව ප්‍රදර්ශක ජල විදුලි බලාගාරය විවෘත කිරීමේ උත්සවය

ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනයේ දායකත්වයෙන්, පේරාදෙණිය සහ රුහුණු විශ්ව විද්‍යාල වල තාක්ෂණ දායකත්වයෙන් වීදි ලාම්පු කිහිපයකට පමණක් සීමා වූ දොළුව නගර මධ්‍යයේ ඉදිකර තිබූ ජල විදුලි බලාගාරය වැඩිදියුණු කර විදුලි දිගුව දොළුව තැපැල් කාර්යාලය තෙක් ලබා දී එම ස්ථානය ඕනැම කෙනෙකුට නැරඹිය හැකි වන සේ ප්‍රදර්ශක ජල විදුලි බලාගාරයක් බවට පත් කර ජන සතු කිරීම ගරු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමා අතින් සිදු විය.


තවද විදුලි බලාගාරයේ ක්‍රියාකාරීත්වය පෙන්වන දර්ශනීය පසුතලයකින් සමන්විත වේදිකාවක්ද ඉදිකර දීම කාගේත් පැසසුමට ලක්විය.